Skip to content

Mal Pethi Sanasana

Theekshana Anuradha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මල්පෙති සනසන මල් පාරේ යන එන අහංකාර සිත මට දෙන කරදර කරදර ආදර බහකට පොරකන මගෙ හිත ගොළුකර තදකර ඕ .... ඔය අහංකාරී මට දෙන කරදර // නිලුපුල් දෑස බිමට යොමා ඇස් කොනින්වත් නොබලා ඈ පියමන් කෙරුවා මල් පාරේ වැටුනා සෙනෙහස ඒ දෑසින් හැංගුනා මල් පෙති අතරේ දුටුවා දුටුවා මං ඕ .... මේ අහංකාරී මට දෙන කරදර // තොල් පෙති තදකර ආයාසෙන් ඇස් කොනින්වත් නොබලා ඈ පියමන් කෙරුවා මල් පාරේ ඒ මුවගින් සිනහව වැටිලා හැංගුනා මල් පෙති අතරේ දුටුවා දුටුවා මං ඕ .... මේ අහංකාරී මට දෙන කරදර // මල්පෙති සනසන ....