Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ana Kageda
MasterD
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
උඹ දකින දේට වඩා පේන දේවල් ගැඹුරුයි
උඹ හිතනවාට වඩා මගේ රැප අඳුරුයි
වසර ගානක් තිස්සේ රට කෑවේ දුකයි කඳුලුයි
හරකා කාගෙන යද්දි බලන්නෑ ඒක බෙහෙත්ද පඳුරුයි
මගේ මේ රැපෙන් අඳෝනා
වදන්නේ රුවක් අඹවලා
කොහෙන් දැන් කොවිඩි බෝලා
දෙන්නම් මං රැපෙන් මලෝලා
අමර නයනා එක්ක තැනක මුල්ලක
කෙරුව කෝලම්
පතන හැම රජටම රට පුරා
උනුන් හැදුවා දෝලා
ගහලා ළඟදී කන්සා
බීගෙන හිටපු සන්නා
හොඳට කාලා බීලා හිටි
කොල්ලෝ ටික වමෙනුත් පැන්නා
දිගම තුවාලේ මැන්නා
ළඟම එකාට බැන්නා
කරල මෝල ගන්න කලින්
ගොතලා ගහලා වැදිලා පැන්නා
එක පැත්තකින් දැන් අල්ලා
තව පැත්තකින් දැන් කල්ලා
උඹලා එකතු නැතුව
කොහොම කරන්නේ රටෙම වල්ලක්
මිලට විකුණු දල්ලක්
නොමිලේ බෙදුවා මල්ලක්
ගැන කියවපු තනි සෙබලට
බිරුවා කැහැටු බල්ලා
ඇති හෝ නැති හෝ මගේ බඩ පත
පිරි බෝ පස්ගෝ රස බෝ
මං දෙන්නේ මගෙම ලෝකේ කදෙන
බහින්නේ කව්ද ම කෝක කෝක
ඇසිල්ලේ ලිව්වා මං දෝස දකින උනුන්ට
එබුවා කනට පෝක විසිකරපන් උඹේ
මානෙන් දැන් ඒක බෝක
මිනිසා රිසි අඳිනා ඉසි වදිනා රිසී
ගිලිනා බොරු දවනා ගත මැවිලා නිතී
පිටුපාගත නොහැකි සිත තම පෑ රිසී...
ඕ... ඕ... ඕ...
සඳ වෑහුනු රැයකි යලි කඩු වෑහුන
රතු පෑරුව තරහා ගැන බියවා ලුව
ගත කී තව ගත පාගපු අණ කාගෙද අතුලාලුව...
යා... යා...
අද හෙට දෙකම පල බරයි
තම හට තමාම විසඳුමයි
කවුද කඩේ යවන්නේ පොඩි ළමයි
තියාගන්න වටින්නේ ඕනකමයි
පරාජිත කරන්නේ නැති කමයි
උඹ හිතේ මඬින්නේ පඩි තමයි
බලාගෙන හිඳින්න බැරිකමයි
මගේ රැප යදින්නේ කළුවරයි
හීන වෙන තමන්ම තමන්ට
දිනාගන්න බැරි ජයක්ම සොයනවා
කියන්නෙ රැපක් මං රටවා රසක් දැන්
උයන්න තැනක් මං සොයනවා
නෙලන්න තමන්ගේ අස්වැන්න
වැවට බැස්සම දනක්ම එරෙනවා
වේලන්න අනුන්ගේ ගොදුරු
සත සරුපය නිතර ඇදෙනවා
එකට එක නොපෙනෙන කළුවරේ කළු
යදම් බැඳි හිත කුණාටුවේ
බතක පෙණ මිරිකන ගෙල
තනිකලා වනඳුලේ
මලට හොයාගන්න බැරි රැපක් හිරකලා
ඔලු කටු තුල ගරඬුවේ
කලා ඔය ඉස රැපක් නම් ලියන්න බෑ
බන් පිටින් ඔය බලා ඔහේ
නලා තියා බැලූ ඩොකා යැව්වා
තව ඩොකෙක් ළඟට මා
ගරාගත්තා තව ලෙඩෙක් එනතුරා
එක ලෙඩෙක් හුවා
නිරා ළඟ දොර ඇර ඇර වැසූ පොඩි කඩතුරා
අපේ රටේ පොඩි එකා දැන ගත බඩකඩිතුවා
රැපනම් රැප උදෙසම
කාටත් කලින් කවුරුත් යන්නෑ දිනුමට
හිතින් දැන් උඹ එක තැන
මම කියවන්නේ රටේ පෙනුමට
කොහොමත් එදා ඉඳන් මම
සවන් දුන්නා උඹලගේ බැනුමට
සෙනග මැද ඉන්න මට රිදු මදි
උඹලට වැනුමට
උඹ දකින දේට වඩා පේන දේවල් ගැඹුරුයි
උඹ හිතනවාට වඩා මගේ රැප අඳුරුයි
වසර ගානක් තිස්සේ රට කෑවේ දුකයි කඳුලුයි
හරකා කාගෙන යද්දි බලන්නෑ ඒක බෙහෙත්ද පඳුරුයි
මගේ මේ රැපෙන් අඳෝනා
වදන්නේ රුවක් අඹවලා
කොහෙන් දැන් කොවිඩි බෝලා
දෙන්නම් මං රැපෙන් මලෝලා
අමර නයනා එක්ක තැනක මුල්ලක
කෙරුව කෝලම්
පතන හැම රජටම රට පුරා
උනුන් හැදුවා දෝලා