Skip to content

Iwan Paulusha

Apsara De Silva
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...// ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා... ඇයි හොරැහින් ම දෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ... දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...// ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා.../ නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා.. ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා.. බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට.. මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...// ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා.... හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද.. කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද.. එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද.. සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...// ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ.. නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ.. දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ... බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...