Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Dishti
Dhishti
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
අරුත් දිෂ්ටි යකුන් නැටුම කුරුලු වෙසේයා
අඹරට හල වී අහුරෙන් උන් පලවායා
දෙවෙනි දිෂ්ටි යකුන් නැටුම බළල් වෙසේයා
මළ මී කුණු බිම හෙලුමෙන් උන් පලවායා
ඉනිටු දිෂ්ටි දසන් කෙරුම සුනඛ වෙසේයා
මස් වැදැල්ල පිළිගැනුමෙන් උන් වැනසේයා
සතර දිෂ්ටි කඩාවැදුම විසකුරු කොටියා
ලේ වගුරන කුකුළු බොටුව උන් වනසායා
ඇත් රජුවන් දිෂ්ටි වරය දැන් පැමිණේයා
යකුදුරු තැන දුටුවන් හට දණ වෙවුලායා
තුන් ලෝකෙම කුංචනදින් දෙදුරුම් කෑයා
හොඳින් ඉදුණු රඹකැන් ලැබ උන් වැනසේයා
අවසානේ බහිරව යකු සභට වදීයා
අඩ් දහසක් අඹර උසට යකු පැමිණේයා
සබ ඇති උන් මරණ බියෙන් බොටු මිරිකේයා
යකුට බයේ මර ලතෝනි ලොව පතුලායා
යකු මැඩුමට යකැඳුරු යවුලක් ඔසවායා
නොඉඳුල් කත රීරි මසින් යකු සනසායා
බිලී දිෂ්ටි යකුන් නැටුම මින් නිමවේයා
උන් ගියපසු දිෂ්ටි නැටුම අවසන් වේයා