Mahamewnawe Samadhi
Nanda Malani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මහමෙව්නාවේ සමාධි බුදු ඇස
රෑ වට සීතල පින්නෙන් පිරුණිද
නැතිනම් සැබවින් කදුළින් වැසුණිද
පිරිතේ තෙවලා බණ පදයේ
සාදුකාරයේ හඬ මවමින්
අවි ගැවෙනා හඬ රණ දෙරණේ
දෝංකාර දී එයි නැගෙමින්
ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද
නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද
හදේ ගලා ගිය මෙත් ගඟුළේ
සීතල දිය රැළි ගල් ගැසෙමින්
නොමිනස්කම් දළු දමා වැඩේ
මිනිසත්භාවය ගිනි තබමින්
ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද
නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද