Yanna Yanna Yanna
Daddy
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
එකට බැඳෙමින්
එකා වගේ එකා වගේ
එකා වගේ
එකම අරමුණක්
සිතේ නැගේ සිතේ නැගේ
සිතේ නැගේ
පිත්ත පන්දුවත් අත දරා
ජය පරාජයත් ඉවසනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා
යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
දෙපිල බෙදුණත්
වෙනස් නොවේ වෙනස් නොවේ
වෙනස් නොවේ
එකම මවකගේ
දරුවො ලෙසේ දරුවො ලෙසේ
දරුවො ලෙසේ
විනයගරුක බව සුරකිනා
අභියෝගය අත් නොහරිනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා
දිනවලා
යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
සූරයෙක් වෙන්නයි //