Skip to content

Asai Pawasanna (Adara Pitapathak Liuwa)

Dimanka Wellalage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව අවසානය වෙනස් වුනා ඒක අපේ වෙලාව ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න ඒ මියගිය ප්‍රේමයට පණ එන්න සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට ඒ මියගිය ප්‍රේමයට පණ එන්න මල් පෙති වාගේ සිනිදු දෑත මං තද කරගෙන අල්ලා තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා යොවුන් සුවඳ රැඳි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා අයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා ආසයි පවසන්න.... නම් දෙක ලියලා තැන් තැන් වල අපි අපේ වෙන්න පතලා හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුනා තනිකම ජීවිතයට ලංවී දැන් එයටම පුරුදු වෙලා නුඹෙන් මිසක හොඳ ආදරයක් නෑ දෛවේ ලියවීලා ආදර පිටපතක් ලිව්වා.... ආසයි පවසන්න....//