Skip to content

Thisara Thudata

W D Ariyasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කොලොම් වන හිසේ මුවරද මමන මද පොතේ සීතල වපුල කලාපේ මංගල යහන් සළුව සෝදා සුසුම් වලින් වියැලෙන්නට ඉඩ හරින්න රාධා තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා නියඟලා මලින් සෝභන කළිඳු ගං තෙරේ වන ගැබ දිය ගෙවල පිරුනු උණුසුම නිවාලන්න රාධා ලහෝ පලු සිහින හෙල්මැලි සඳුන් කල්ප තවරා තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා