Skip to content

Arayum Pathak

Vijaya Bandara Welithuduwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇරයුම් පතක් මා සුරතේ තනිවී කඳුලින් පෙඟිලා බොඳ වෙනවා මා පෙම් කළ ඔබ හෙටවන් දවසක ඔහුගේ අත ගෙන වෙන් වෙනවා මේ ඇරයුම් පත මා හට පවසා මා හා තනිවම වැලපෙනවා (දුරස් වුනත් ඔබ සිතින් මගේ ළඟ සැමදා සිටිනා බව දනිමි...//) කඳුළු මැදින් මට ගෙනෙන වියෝ දුක ඔබටත් කඳුලක් බව දනිමි (පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලොව ලස්සන සිහිනෙක රැඳෙනු ඇති...//) වෙන්වී යනමුත් මගේ සිතින් ඔබ වෙන්ව ගියේ නෑ ලඟින් හිදී ඇරයුම් පතක් මා සුරතේ තනිවී කඳුලින් පෙඟිලා බොඳ වෙනවා මා පෙම් කළ ඔබ හෙටවන් දවසක ඔහුගේ අත ගෙන වෙන් වෙනවා මේ ඇරයුම් පත මා හට පවසා (මා හා තනිවම වැලපෙනවා...///)