Oya Deepu Duka
Ajith Anthani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඔයා දීපු දුක තාම විඳිනවා
හදවතින් පෙම් කළ හින්දා
හදාගන්න හිත තාම හදනවා
ඔයාව මට නොලැබෙන හින්දා
මේ ගැහෙන පණටත් වඩා
මං නුඹට ආදරෙ කළා
සෙනෙහසම කඳුලේ තියා ඔයා
දුක දීලා යන්නට ගියා
(නොලැබුණත් මේ භවේ ඔයා
මතු භවේ නොලැබෙන්නෙපා..//)
පැතූ දෙයක් නැහැ ඉටු වීලා
තවමත් මගේ ජීවිතේ
ලැබෙන දෙයත් මට නැතිවෙනවා
මෙයදෝ මගේ දෛවේ
අවසාන මොහොතේ පවා
මියැදෙන්නේ ඔබ ගැන සිතා
පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ
ඉන්න සතුටින් සදා
සතුටක් නැහැ තවමත් දැනිලා
වෙන්වීලා ගියදා පටන්
ලැබුණු දුකත් නෑහැ අඩුවීලා
පෙම් කළ හිතක තරම්
අවසාන මොහොතේ පවා
මියැදෙන්නේ ඔබ ගැන සිතා
පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ
ඉන්න සතුටින් සදා
ඔයා දීපු දුක....