Skip to content

Bomaluwe Mal

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනින් එතෙර කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ එහෙම ගියත් ඒ අය පොඩි සාධු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා බෝ මළුවේ මල් සුවඳක පැටලී...... භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් එතෙර වෙලා