Skip to content

Tharaha Wela Oyath Ekka

Ajith Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි තෙපුල් නොඇසෙන විට මටමයි දුක හිතෙන්නෙ ඒ හින්දයි හිත අතගා තුරුලට ගෙන සිඹින්නෙ // දුක කියන්නෙ ඉකි ගසමින් මගේ ඇසුත් තෙමෙන්නේ සෙනෙහස මගෙ අඩුවක් නැ ඔබ ගැනමයි සිතන්නේ රිදෙව්වාට ඔය හදවත මමත් හිතින් හඩන්නේ ඔයා වගේ කවුරුත් නෑ දුක සැප ලඟ ඉන්නේ // පාළු දැනෙන හැම මොහොතෙම සිත ඔබමයි පතන්නේ ඔබට වඩා මට වැඩියෙන් ඇයි මේ දුක දැනෙන්නේ ඔබෙ උණුසුම අදටත් එදා වගෙයි දැනෙන්නේ ඔයා වගේ කවුරුත් නෑ දුක සැප ලඟ ඉන්නේ // තරහ වෙලා ඔයත් එකක් ....