Skip to content

Nilata Nile

Rohana Weerasinghe - Topic
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය ඒ නිල් ජලකඳ මතුපිට අත්ල තබා හෙමි හෙමිහිට තාල නඟන රළ පෙල ඔබය නොසිදෙන පෙම් උල්පත ඔබය බිඳෙනා පෙම් රළ පෙල ඔබය රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන පුදුම හිතෙන හිත් මල ඔබය ඒ හිත්මල සිඹ සැනසෙන නටුමත කටු ඇති බව දැන සුවඳ විදින බඹරිදු ඔබය පුදුම හිතෙන සිත්මල ඔබය සුවඳ විදින බඹරිදු ඔබය ගිරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන නුරා ගොයම් යායම ඔබය ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින සරා සුවඳ මදනල ඔබය නුරා ගොයම් යායම ඔබය සරා සුවඳ මදනල ඔබය නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය ඒ නිල් ජලකඳ මතුපිට අත්ල තබා හෙමි හෙමිහිට තාල නඟන රළ පෙල ඔබය නොසිදෙන පෙම් උල්පත ඔබය බිඳෙනා පෙම් රළ පෙල ඔබය