Siw Wasarak Thula
Dayarathna Ranathunga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සිව් වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා
සීතල පවුරේ කඳුරැළි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවෙකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගනු නාඳුනනා සේ
මින් මතු හමුවී අප දෙදෙනා
සිව් වසරක් තුළ ....
හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තුරු මේලාවේ
නිහඩව වැළපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගනු නාදුනනා සේ
මින් මතු හමුවී අප දෙදෙනා
සිව් වසරක් තුළ ...