Skip to content

Gangata Iwurak Se

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගඟට ඉවුරක් සේ රැක ඉන්නම් කෙතට නියරක් සේ ළඟ ඉන්නම් වැයෙන වස්දඬු රාවය වෙන්නම් හමා එන පවනේ - හමා එන පවනේ ලියනා කවි පෙළට එළිවැට වෙන්නම් සිතුවම අඳිනා තෙළිකුඩ වෙන්නම් ගයනා ගීයට පදවැල වෙන්නම් රැඳී හද පතුලේ - රැඳී හද පතුලේ සිතකට අරමුණ සේ දිස්වෙන්නම් හදට අදිටන වී දිරි දෙන්නම් අනාගතයට පෙර මඟ වෙන්නම් දෙපා යට වැතිරී - දෙපා යට වැතිරී