Wadinna Dewathawiye (Ras Teledrama Theme Song)
Harsha Dhanosh
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රෝස පාට හාදුවක් ගෙනල්ලා
මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා
ආදරේ ඔබ ඉල්ලනා විට හඬගා
ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා
ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා දිගු දෑසේ රැස් වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිළිගත්තා
(වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ....//)
දිලෙන සිනිඳු වරලස සලලා
හතර අතට ඉඟ සුඟ නලවා
දඟ කරනා ඔබේ රූපය නරඹා
හැඟුමන් මා ඉවසයිදෝ මන්දා....
ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා
දිගු දෑසේ රැස් වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිළිගත්තා
(වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ....//)
මනසේ තිබෙන හිස් තැන් පුරවා
පපුවේ නිය සිතුවමක් මවලා
සෝ සංකා සංසාරෙන් හංගා
අත අල්ලා ඔබව මම ඉම්බා
ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා
දිගු දෑසේ රැස් වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිළිගත්තා
(වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ....//)