Hithawathun
Tharindu Ruwantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හිතවතුන් මෙන් හිඳමු කියලා ආ පයින් ඔබ ගියත්
හෙටත් ඔබටයි පෙම් කරන්නේ මට ඔයා නොලැබුණත්......
මේ මං දුප්පත් හින්දා ඔබ මේ ඇස් මග හැරලා
අද යන්න ගියත් හැරිලා හිත කහටක් නෑ කිසිදා
(කවදා හෝ මුණ ගැහුණත් මගකදී හරි ඔයා
නොදුටුව මෙන් රත්තරනේ ඔබ යන්නට එපා.......//)
පය පෑගෙන දූවිල්ලක් තරමට මා නොවටින හින්දා
ඉඩ පාරෙන් ඔබ හැරිලා යන්නැති පැදුරටවත් නොකියා
ඔයාගේ විතරයි මම මේ ඇයි මගේ විතරක් ඔබ නොවුණේ
පෙම් කළ හිතට රැවටිලි එපා.......
මේ මං දුප්පත් හින්දා......
කඳුළු හිඳෙනකම් මේ නෙතු අතරේ ප්රේමය හිර කරලා
තබා ගනිමි නැවතත් දවසක ඔබ ආවම දෙන්නට මා
ඔයාගේ විතරයි මම මේ ඇයි මගේ විතරක් ඔබ නොවුණේ
පෙම් කළ හිතට රැවටිලි එපා.......
මේ මං දුප්පත් හින්දා ඔබ මේ ඇස් මග හැරලා
අද යන්න ගියත් හැරිලා හිත කහටක් නෑ කිසිදා......
හිතවතුන් මෙන්.....
මේ මං දුප්පත් හින්දා......