Skip to content

Wesathuru Sirithe

Shalika Ishan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ බුදු හිමි දෙසු දම් අමා ගඟේ පිහිනමු පිහිනමු නිවන් සැදේ යහගුණ වඩනා ගමනක යෙදෙනා සදහම් ගුණ ගී මුව මුව මුමුනා නැතිබැරි මිනිසුන් වෙත මෙත පාමින් හිරු සඳු අතරේ හිනැහෙමු සාමෙන් සෙනෙහස දල්වා නැණ මල් පුබුදා හසරැලි නංවා ලංකා දීපේ සාමය සමගිය පිරිපුන් හදවත් සදා රකිමු අපි සදහම් දීපේ වෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ බුදු හිමි දෙසු දම් අමා ගඟේ (පිහිනමු පිහිනමු නිවන් සැදේ)..//