Pem Paniwidaye
Chandana Liyanarachchi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා ... වේදනා //
රෑ සඳ එළියේ පිපුණු සමන් මල්
පෙති විසිරී පරව ගියා
දෙතැනක තනියෙන් හිදිනා හැටි බලා
කම්පා වුණු සඳු ගිළුණා අඳුරු වුණා
පෙම් පණිවිඩයේ ...
දූතයක් වගේ එව්වේ ඇයි ඔබ
මා හමුවේ වත සඟවා
මා හඬවන්නට ඔය සිත දරුණුද
නොසිතූ ලෙසින් සමුගත් දා
වෙන් කෙරුණා
පෙම් පණිවිඩයේ ...