Skip to content

Puthune Me Ahaganna Puthune

Sujatha Aththanayaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න//