Skip to content

Sanda Tharu Mal

Athula Adikari, Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්.. හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... ගණ දෙවිඳුන් මට දන් දුන් ‍ මගේ නුවණ නුඹ අරගන්.. පතිනි මවුන් මට රැක දුන් මගේ බලය නුඹ අරගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... සඳ තරු මල්... ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්.. මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... සඳ තරු මල්...