Sandanari (Husme Samada)
Harsha Withanage
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හුස්මේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුණා
වැස්සේ සිතු සේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුණා
නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා
සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා
සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
රෑක මදනල ගවසාලා හැඟුම් රංචු වීලා
රැයේ පින්න පීරා නීල ඇසිපිය සලලා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
නාරී සදා මාගේ වීලා
නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා
සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා
රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
සේද රතදර මුමුණා රැයේ නින්දෙ පායා
මවා දුන්නු සේයා දෑත සසරෙම අමුණා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
නාරී සදා මාගේ වීලා
නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා
සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා
හුස්මේ සැමදා.....