Skip to content

Karuna Suwanda

Nihal Nelson
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කරුණා සුවඳ තවරාලු හද පියුමේ ම‍වගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිදින් පෙර ලෙස මා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ ලේ කිරි ‍කරලා මට පොවලා මා හැදු වැඩු අම්මේ පුංචි කාලේ දන ගාගෙන යනවිට නැගිටින්නට අත දුන් අම්මේ හොඳින් නරක දේ වෙන් කරලා ‍ඔවදන් දුන් අම්මේ... මතු සංසාරේදි ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ දුවලා ඇවිදින් පෙර ලෙස මා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ බඩගිනි වීලා හැඩු විටදි මට බත් කැවු අම්මේ පාසැල් යවලා උගන්වලා මට මහ ලොකු මිනිසෙකු කළ අම්මේ ආදරයෙන් මට අඩ ගහලා පුතා කියු අම්මේ... ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ