Hama Husma Ganema
Rukshan Madushanka (Rukshi)
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හැම හුස්ම ගානේම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා
ළඟ ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහේදෝ ගියා
නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා
නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා......
සනසන්න පරදිද්දී දිනවා ඔයා රවටන්න හිතනවද මා
නොකරාපු වරදකට දඬුවම් ලබා විඳවන්න මට සිදු වෙලා
නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා
නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා......
හමුවෙන්න නැති වෙද්දි මොහොතක් පවා තනිකමට හිත පෑරුණා
ඔබ නැතුව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා
නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා
නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා......
හැම හුස්ම ගානේම.......