Heenayakda Me
Ashan Fernando, Dilki Uresha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සේ හිරිහැර කළා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබෙ සෙවණට වෙලා දිවිතුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා
හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ....
පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
හැඟුම් කිති කැවුණා නිස්කාරණේ
මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා
උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා
හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ....