Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sunil Wan Nuwan
Somathilaka Jayamaha
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මව්නි, පියතුමනි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි, දුකයි, කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙම් ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මව්නි, පියතුමනි කරුණාව පාලා
රජ දහන, වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මව්නි, පියතුමනි කරුණාව පාලා