Skip to content

Igillila Yanna Yan

Chandrika Siriwardhana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉගිල්ලිලා යන්න යං කෝ පිහාටු නෑ අනේ මූදු හතේ යන්න යං රුවල් හබල් නෑ අනේ රජෙක් වෙන්න යන්න යං හිසට ඔටුනු නෑ අනේ අහංකාර විලම්බීත ඇයි// ඉරු දේවයා වැඩියොත් තමා බොල් පිණි කැට සැඟවී යන්නේ සඳ දේවයා වැඩියොත් තමා ඝණ අඳුරේ පාළුව මැකුනේ රජ මාළිගේ පොඩි පැල්පතේ මිනිසුන්මය ඉපදී ඉන්නේ ඒ කාරණා නොදනී මෙදා ඇයි නොමිනිස්කම් මතුවෙන්නේ ඉගිල්ලිලා යන්න යං... අද ඉන්නවා හෙට යාවීදෝ නෑ ඒ බව කිසිවකු දන්නේ මහ සත් මහල් මැදුරින් පවා මහ පොළවයි උරුමය වෙන්නේ මතබේදයයි අමනාපකම් ඇයිදෝ දිගටම ගෙනයන්නේ අපි යාළුවෝ අපි යෙහෙළියෝ නෑ නෑ අපි තරහා වෙන්නේ ඉගිල්ලිලා යන්න යං...