Piyumehi Pani Bothi Wana Bambaru
C T Fernando
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැදෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙනහිරු
කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොල නොබුදිති සිංහ පැටව්
හොද මල් නොපිපෙති ගිරි මුදුනේ
ගව තෙල් නොදමති රන් බදුනේ
ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබදිති ගිරවියගෙ කරේ