Skip to content

Subhashini Oba Mage Namata

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබ දැයි සැක සිතුණා ඔබේ චපලකම හඳුනාගන්නට සිව් වසරක් ගෙවුණා යාළු මිතුරු කැළ ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබෙන්නයි පැතුවේ ලෝකය එරෙහිව ආවත් මා හැර නොයනා බවයි කීවේ ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ සුභාෂිණී ඔබ ..... මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙලෙස ද මා එන්නේ පෙම් කල සිතකට වෛර කරන්නට සිත නැහැ ඉඩ දෙන්නේ සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ ඔබ වැනි ළඳකට පෙම් කළ මා ගැන අද මම දුක් වෙන්නේ සුභාෂිණී ඔබ ...