Skip to content

Mai Maara Prasangaya (Reprise)

DEVA
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී දරා උන් දින ඇත තනිවී නොකී ප්රේමෙන් මම පිරුණී කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී බලා ඉමි මං අසරණවී මමයි නුඹෙ සංචරණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම අඩි පාරෙන් එද්දි වාරු නෑ උඹෙන් ගන්න වාඩු නෑ දර ගිනි සෑය සැර නෑ අත් වැඳන් උඹ පැතුවේ නෑ දෙමොදර නාය ගියේ නෑ අහස නුඹෙ නමින් ගැලුවේ නෑ විහාර වැඳන් ගියේ නෑ ඉල්ලලා නෑ නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින් දරස්නයත් ගිනි ගත්තා හතරකඩ පැලි දුරුතු බෝ සඳ මා රම්බරී වත මැදට වඩි මට සරසන්න පාවඩ එලා මග දෙපස මදී සලඹ නුඹෙ වදින සරින් අවරගිරින් අඟවන්න පුරපසලොස්වක දකින්න කලින් මගෙ අමු සොහොනට එන්න මැයි මල මගෙ වෙන්න ප්රමාදයි ඒ මන්ද මැයි මාර අවාරෙට කොයින් ද දරා උන් දින ඇත තනිවී නොකී ප්රේමෙන් මම පිරුණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා රක්තයි පුරා වත්ත සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා මං මග රැක්ක නැවතුම වැස්සට හේදිලා ගිහිල්ලා එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා උඹත් මැරිලා ගියා අඩි තිය තිය මීදූම මැද්දෙන් ගීතයක් වගෙ සෝමතිලක ජයමහගෙ සුද්දියෙ තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්රාස රසෙ ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා දෙමෝදර හංදියෙ කෑගහල කිව්වෙ "සංචරණි ඇහෙනවද ගවරවෙල කන්ද මැදින් මැයි මාර ප්රසංගෙ"