Mihiriye Mihiriye Oba Soya Emi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී
පැතුම් පිරුණු හදකින්
ලෝකයෙන් රළු ලෝකයෙන්
මොහොතකට හද නිවා ගනු රිසියෙන් //
සත් හිරු පායා නෙත් ගිනි කණ වැටෙනා
විස කළු දුම් ගඟ වියරු ලෙසින් ගලනා
ලොවින් විඩාපත් දෙනෙත නිවන්නයි
ඔබේ දෙතොලේ පිපි සිනා සොයන්නේ
පලා යන්න බැරි ජීවිත රණ මඬලේ
සුවහසක් දුක් කම්කටොළු සතුරු පහරේ
හිස පුපුරන වේදනා නිවන්නයි
ඔබෙ මුදු වදනක් සවණ පතන්නේ
මිහිරියේ ....