Vihare Thewawata
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
විහාරේ තේවාවට
අවමඟුලේ දුක වයන්න ගිය අප්පච්චි
අපේ වේල සරි කරන්න
අපේ දුකට මහමෙර වූ
අපේ අප්පච්චි...//
සුදු පිරුවට තිරය දැවී
තෙල් හිඟ වී පහන හඬන්නේ
මල් පර වුණු මල් වඩමේ
නෑ ඉන් ගේ සුවඳ හමන්නේ
ඔබ වෙනුවෙන් දුක වයන්න
හේවිසියට අත හුරු නැත්තේ
විහාරේ තේවාවට...
අපේ කුලේ හිමියන්ගේ
නෙතේ කඳුළු දෙනෙතේ පිරෙන්නේ
නෙතේ කඳුළු සිත හංගා මතක
සුවඳ බණක් දෙසන්නේ
මහ විහාරේ නා හිමියන්
මළගෙදරට කිම නොවඩින්නේ
විහාරේ තේවාවට...