Ithin Ekama
Nadun Reshantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඉතිං එකම එක දවසක්
කොපුල් තල හුස්මක් දුරට ලංවී
පෙම්වතුන් බව නොදැනුණා මෙන්
වැහි කුඩය යට උණුහුමෙන් වෙළුනේ...
තෙමෙන හිම කැට ගොඩක් බර දී
හිමි අහිමි පෙම් කතා මුමුණා වී
නොවී වැළපී නෙතු කඳුළු සඟවා
සිසිරයේ කඳු ගිණියමින් සරසා
යන්න යමු අපි හැඟුම් සියොතුන්
ඉඟිල ගිය අහසේ...
වසන්තය යලි මල් පිපෙන දා
දියව හිම කැට මල් සුවඳ දේවී
හමුව සැනසී වෙන්ව ගිය උයනේ
මර්ගරීතා මල් සුවඳ රැදුනේ
නැවත හමුවෙමු හමුව වෙන් වෙමු
වෙරළ රළ රැලි සේ...
ඉතිං එකම එක දවසක් ........