Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sithuwili Mada
Shine X
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම්
මට වැරදුණු තැන තව හොයනවා මං
සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම්
මට වැරදුණු තැන තව හොයනවා මං
කොක්කට අහුවුණ මාළු වගේ
බියර් එක සෝඩා වගේ
කාසි වල සද්දේ එකයි නෝට්ටු දිලිසෙන්නෙ නැත්තේ
සත කාසි නොවී පියඹපං මොනරු මැද්දේ
නැලවෙද්දී පැද්දෙයි වාසියට දෙපැත්තේ
පාඩුවේ ඉන්නෙ සෙල්ලමේ අතපාලා නෑ කාටවත්
මටවත් හුරු නැති හීන මගේ බලවත්
ඒ හීන වල විතරයි කවුරු කවුරු දන්නවත්
ඒ කරුමේ පන්නං කපන් ජීවිතේ එක කරුණක්
කියලා දෙන්න එන්න එපා ඉන්න විදිහ ගැන
අපි දින ගැන ගැන තමයි සෙල්ලමේ ගේම ගැහුවේ තනියම
කඩ දීගෙන, මම රීගෙන, ගූ රෙදි නෑ ඇගේ ගාගෙන
කටු කාපු විදිහ සාක්ෂි ඇති ඇදන් හිටපු බැනියම
කොක්කු නැති මාලිගා අස්සේ මැව්වා අපි කෑදරෙන්
දුක නිවන්න කටට ගත්තේ නෑනේ යුෂ මල් වලින්
මම නිදාගත්තේ හීනෙට යන්න බැරි නිසා මට ගේදොරින්
පව් මකන්නටයි හදනන්නෙ උඹලා පූජා කරන මල් වලින්
කාලේ තරම්නේ මෑත අකාලේ මරණ ගැන බන්
පිට උන්ගෙ ප්රශ්ණ උඹේ කරගන්න එපා එහෙම නම්
තව එකෙකුට ඇති උඹේ හිතේ ඉරිසියා නම්
ඇති වෙලා බං දැකලා බලං ඉන්න බෑ මට නම්
සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම්
මට වැරදුණු තැන තව හොයනවා මං
සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම්
මට වැරදුණු තැන තව හොයනවා මං
මංමුලා වෙන කාටවත් ගැලවෙන්න බෑ මේ කරුමෙන්
අපේ උන්ට ඕනේ හැමදේකම ප්රතිඵල ගන්න වරුවෙන්
අත දීපන් තව එකෙක්ට උඹත් ආවේ කාගෙද වාරුවෙන්
උඹේ හීන වලට පනපොවන්න බැහැනේ වැටෙන තරුවෙන්
අස්ථිර වෙද්දී ලෝකේ අයිති නෑ දැන් මට මාවත්
පව් පින වත් නොදන්න තොපි එදා මම කන්න දුන්නු අත කෑවත්
ඇස් වැහුණත් මනස හැමදාටම නිදි නෑ මගෙ තාමත්
හොයනවා මම මේ වැටුණු වලෙන් ගොඩ එන්න තව පාරක්
පරවෙන්න දැකපු දේම විශමේ දකින්න බෑ සමාන
කරගන්ත ලොකුම හතුරා පිට එකෙක් නෙමෙයි ඒ තමාම
කළ මගේ හිත මට කිව්ව දේ දිනවන්නෙ මම නිසාම
ඇනුනත් කකුලේ මැනිකක් වටින්නෙ නෑ කවදාවත් කනාට
කන්තාරෙට වැහි වැටෙන්නෙ කවද්ද ඒකට වැටුණු මනුස්සකම
පනුවෝ කන ශරීරේ බෙදිලා උන් දකුණ නම් අපි ගෙනා වම
පටලලා ලේසිය මාරුයි ඇල්ලූ ගල වන මේ ඇම
වැරදි වචන කිව්වොත් නාහෙන අහන්නේ නැත්තන් මූ වරිගෙ කන්න
හදවතට දැනෙන එක පාළු රැයක
උඹ උඹෙන්ම අහපන් කළ පාපේ තරම
කනා කොහෙද දන්නෙ පය වැදුනත් මැණික
ළඟ ඉඳන්මයි අරින්නෙ සැබෑ මිතුරෝ පරම
කාලේ තරම්නේ මෑත අකාලේ මරණ ගැන බන්
පිට උන්ගෙ ප්රශ්ණ උඹේ කරගන්න එපා එහෙම නම්
තව එකෙකුට ඇති උඹේ හිතේ ඉරිසියා නම්
ඇති වෙලා බං දැකලා බලං ඉන්න බෑ මට නම්
සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම්
මට වැරදුණු තැන තව හොයනවා මං
සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං
මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල්
වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම්
මට වැරදුණු තැන තව හොයනවා මං