Mawage Dethane
Deepa Kumuduni Gunarathna
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු
මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු
සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු
මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු
මලක් ලෙසින් රැකගෙන හැදු මගෙ පුතුනී
දහක් පැතුම් මා හද තුල තැබූ පුතුනී
මතින් වෙලී නොමඟට වැටිලා පුතුනී
මගේ නෙතට කඳුලක් නොම දෙන් පුතුනී
මවගේ දෙතනේ කිරි බී......
මළත් කිමැයි මා දැය දිනුවොත්ම පුතූ
සැපත් එයයි මට අද මෙන් දිනෙක මතූ
රහක් මෙරක් බිව්වොත් හෙම මගෙ පුතූ
අනේ කෙලෙස වාවගම්දෝ ම සිතූ
මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු
මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු
සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු
(මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු...//)