Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mathaka Dinapotha
Tharindu Damsara
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මතක දිනපොත එකිනෙක පෙරලා
බලන රෑ මටනම් නිදි නැතුවා
තුරුලෙහි දැවටෙමින්
ඔය හැටි මනමාලකම්
සිහිවන විටදි දැන්
ඉවසුම් නෑ මටත්
දවසක ඔය ඇස් මගෙ වෙන හින්දා
නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්
පාට පාට ගා ඇඳපු සිත්තම්
පින්න වැටෙන රෑ සීත ඇත්නම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණෙනී, උරතලයෙහි ඉමී
කවදක හරි, හවසක යලි
දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා
මගෙ හිතට නුඹ දුන්නු මන්දහාසකම්
දෑස හිත අස්සෙ නටපු නාඩගම්
මාව අවුලුවන හීය නුඹමනම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණෙනී, උරතලයෙහි ඉමී
කවදක හරි, හවසක යලි
දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා