Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Aley Ma
Iman Fernando
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අහසේ සොඳුරුම නවාතැනත් අහුරාගෙන වැහි වලා
හදවත තුල යම් දෙයක් ඇතත් තනිකමටම හුරු වෙලා
ප්රේමයෙ රස මොනතරම් වුවත් ඔබ නොදනින බැව් නිසා
ඉඳහිට ඒ රුව මැවී ගියත් හද යායෙන් වෙන් වෙලා
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ
නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ
ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ
හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා
ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා
ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා
ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා
කාලය කොතරම් ගෙවී ගියත් එක තැනකම නැවතිලා
සිත තුල ඇති රූපකායවල් නොපෙනී පෙනී ගියා
අපෙ ආදරෙ මේ කතන්දරේ අවසන් පිටු පෙරළිලා
ගෙන යමි මම මේ අනන්තයේ නැවතීමේ තිත තියා
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ
නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ
ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ
හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා
ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා
ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා
ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා
ඔහු දන්නවාද ආලෙ මා