Skip to content

Ahenawanam Hitha Handana Tharam

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...// පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහ මග සැතපෙන්නේ ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ (පතන පැතුම් සුළඟට මුසුවේ මියුරු වදන් කඳුලේ ගොළුවේ)...// සතුට උපන් හැම දින වැළලේ කුමන නැටුම්දෝ දිවි මඬලේ ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ (අපගෙ අහිංසක ලොව බිඳිලා ඔබද අනන්තෙක ඇත රැඳිලා)...// ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ ඔබ මල් යහනක හිඳිනු මැනේ (ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...// පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහ මග සැතපෙන්නේ ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේ