Skip to content

Manali

Windy Goonatillake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වීදුරු මල් කකුලෙන් තලන්නෙපා ආල වදන් බේගල් කරන්නෙපා සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා මා දිහා මිණිමුතු රන් ගෙල පළඳනා එපා මන්දිරයන්, ලොකු මාළිගා එපා නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා මට එපා නුඹයි මාගේ මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ තැනු මාළිගාව ආදරෙන් පිරේවී මතු සෑමදාක මා නුඹේ මනාලි නුඹයි මාගේ මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ තැනු මාළිගාව ආදරෙන් පිරේවී මතු සෑමදාක මා නුඹේ මනාලි (Yeah) (come on') (Wicky) ඔය ඇස් නිසඳැස් ලියවයි ආලෙත් වගෙයි කැස්සක් ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක් දෙන්නේ වටකරං හාදු වැස්සක් කෙල්ලේ නුඹෙ හද ගැස්මත් ඇති පුසුඹයි නුඹේ හුස්මත් කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට කෑදරයි තමයි අපි දෙන්නා නරක ළමයි හැංගි හැංගි ආලේ බැන්දා තමයි දැන්නම් තවත් ඉන්න බෑ ඈතින් ඔයාට අද හෙටම බඳිම් කරකාරයි මගේ හිත නුඹ හට භාරයි කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි, මාරයි (ආහ්) ආදර හීන ලෝකේ මාළිගා තනා තාලෙට ප්රේම ලෝකේ තාන තම්දෙනා කෙල්ලේ අපි නටමු මේ පෙම් ගීයම ගයමු ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු අතින් අත පටලමු හැම හීනෙම එකට දකිමු (ආහ්) හිමාලයේ කඳු පේළියෙන් එහා පරිස්සමෙන් සඟවා තබා තියා රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා සත්සයුරේ දිය කන්දටත් වඩා ආදරේ මං මුළු ලෝකෙටත් වඩා මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා නුඹයි මාගේ මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ තැනු මාළිගාව ආදරෙන් පිරේවී මතු සෑමදාක මා නුඹේ මනාලි නුඹයි මාගේ මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ තැනු මාළිගාව ආදරෙන් පිරේවී මතු සෑමදාක මා නුඹේ මනාලි