Skip to content

Mathaka Bana

Thilanka D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

Rap vers 01. - Thilanka D තාම මට විට විට සිහිවෙයි උබ ගැන. මම මගෙන්ම අහනවා වැඩකට නැති පැන... උබෙ මතකය මම කරගෙන ඇම. ඇල්ලුවා සතුට නැමැති මින් රෑන... කාලයක් හිතුවා උබ තමයි ඉස්තරම්. වෙලුනා කපටි වචනවලට මනරම්... උබ හමුවුනොත් දවසක කියන්නම් එක කරුනක්. උබෙන් ගැලවීම දෙයියෝ මට දුන්න වරමක්. හරි සරලයි තේරුම් ගත්තෙත් මමමයි. තිබුනු එකම අපලේ මට උබමයි. හොදම දේ ලැබෙන්නෙ ටිකක් පසුවයි. දුක නෑ ලග මම ඉන්නෙ සතුටින්මයි. හිටියේ මුලා වී දැන් ඉන්නෙ මන් හිනා වී. උබ ගියෙ මට ගොඩක් දේවල් කියාදී. දහසක් ආදරේ කෙල්ලේ මට තව හමුවේවි... උබ වගෙ උන් යාවි. හරි කෙනා රැදේවී. - Kika රැදුනේ මාගේ. ඔබගේ නෙත් මානේ. දැනුනේ ඒ වාගේ ආලේ. ගතවීලා දැන් කාලේ. යන්න වෙන් වෙලා මගෙන් ඈතට. එන්න එපා මගේ ලෝකෙට. කදුළු නෑ නෙත ශෝකෙට බෙහෙත් නෑ වටේ යන රෝගෙට Rap vers 02- keefa මතක බණ කියලා ගිනිතිබ්බා චිතගෙට. ආදරේ කෙරුවා මමත් ගලක් වගේ හිතකට. මතක් වෙනවා වැටෙද්දී උබ නින්දකට. එන්න එපා කෙල්ලේ වැරදිලාවත් මගෙ හීනෙකට. ඔය කටින් නොයෙකුත් මට නින්දා. නොකර මන් වැරදි අනෙක දුක් වින්දා. මලක් ඇවිත් මගේ පාලු බින්දා... උබ ගියපු හින්දා සතුට මන් වින්දා. යන්න ගියෙ මන් නෑලු ගැලපෙන්නෙ. ඔයා ගියා කියලා නෑ මන් වැලපෙන්නෙ. දුක නෙවෙයි සතුටයි තෙරපෙන්නේ. රොන් ගත්තත් බඹරු මලයි පරවෙන්නෙ. පිටින් හිනාවී ඇතුලතින් මන් මුලා වී. උබ ගියේ හොදට නැත්තම් අද මන් සුනාමී. දෙයියෝ බැලුවා මගෙ දිහානම් පමාවී. අද මන් සතුටින් ගගක් වගේ ගලාවී. යන්න වෙන් වෙලා මගෙන් ඈතට...