Skip to content

Ayyata Me Raja Ge

Master Morrin, Baby Dorrin
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය : පුරුෂ රත්නය (1959) අයියාට මේ රජගේ මල්ලි හදාලා ඔබෙ මල්ලි හදාලා (රජගේවත් නැත මින් ලස්සනට තියාලා...//) නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ කරදර නැතුව පාඩුවේ (මකුළුවෝ දැල් නොබඳි කුස්සියේ දුම් නොඇතී...//) (වැස්සට වහළ බිඳී වැහි දිය ගෙටම එතී...//) මෙහි නෑ දොර ජනෙලේ මොකටද දොර ජනෙල් රෙදි අයියාට මේ රජගේ මල්ලි හදාලා ඔබෙ මල්ලි හදාලා (දූවිලි බැඳෙන නිතී ඇඳ පුටු මේස නැතී...//) (අඬ ගැහුවත් නැවතී මේ ගෙට හොරු නොඑතී...//) වැඩකාරයෝ මොකටද දෙයියෝ දුන්න දෑත ඇති අයියාට මේ රජගේ මල්ලි හදාලා ඔබෙ මල්ලි හදාලා (ඔය අත ළඟම ඔබේ පොත් ටික පෙලට තිබේ...//) (එළි වෙනතුරුම ඉබේ හොඳ හැටි එළිය ලැබේ...//) වියදම නැතුව අපිට පහනත් මහ පාරෙ තිබේ... අයියාට මේ රජගේ මල්ලි හදාලා ඔබෙ මල්ලි හදාලා (රජගේවත් නැත මින් ලස්සනට තියාලා...//) නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ කරදර නැතුව පාඩුවේ