Mage Unmade
Sangeeth Iddamalgoda
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඔරොත්තු නොදෙන තරම් කැටයම් දාලා
පස්සෙන් රවුම් ගසාලා
යාප්පු වෙච්ච තාලෙ මත්තෙම හැපිලා
ඇත්තට දන්නේ මං නේ
ඉතින් දැන් නං ඇත මට පලදීලා
ලඟින් ඉන්නම වෙයි ඔබෙ අත දීලා
කියන්න කියන්න ඔබ මට කැමතිද කියලා
මගේ උන්මාදේ සැමදා ඔබ හින්දා
ඔබට පවරා දෙමි මගේ ඇඟ බැඳලා
පපුව පත්තු වේවි යන්න ගියොත් පැනලා
මගේ උන්මාදේ සැමදා ඔබ හින්දා
වාත්තු කළා වගේ ලස්සනවන්ති
කේන්ති ගත්තොත් කැත වෙයි
ජේත්තුකාරි මගේ සවුත්තු වේවි
එතකොට ගතියක් නැති වෙයි
ඉතින් ඉන්නට වෙයි මුහුණත් එල්ලං
ආදර සෙල්ලම වේවි ලෙල්ලං
කියන්න කියන්න එහෙමද ආසා කියලා
මගේ උන්මාදේ සැමදා....
වාත්තු කළා වගේ ලස්සනවන්ති
බොන්න ඕන වතුරත් නිවලයි
ජේත්තුකාරි මගේ ආදරවන්ති
ඉතින් ඉන්නට හැක සැප සේ දඟ පා
හෙල්ලෙන්නට බැරි ගානට දඟ පා
කියන්න කියන්න please එහෙමද ආසා කියලා
මගේ උන්මාදේ සැමදා....