Piththa Karata Gaththe
Tehan Perera, Shameen Udawaththa
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පිත්ත කරට ගත්තේ පපුව පෙරට දැම්මේ
සිංහ කොල්ලෝ වසම වසයි
හත් පොළකඩ පන්දු පලයි
තෝරන් බැන්ද පාරේ පිනුම් ගහමු ආයේ
අතින් කටින් විසිල් ගහන්
එකතු වෙන්න කාලේ ළඟයි
පිටියට වැට බැන්දේ එපිටින්
පිට පැත්තේ මැහුමක් දාලා
ආයේ අරන් එන්න පන්දු හොයන්
දඟ අවුට් එක පැත්තේ කැන්ගරු පැන ගත්තේ
පාරක් හැප්පිලම බලමු අපේ තරම හොඳින්...
දැක්කම වෙව්ලනවලු සංගා නිලා මහේලලා
තුන්පත් රෑනට උපමා
ලෝකෙම අමතනවලු ක්රිකට් මහවරුන් කියා
අපි නෑ වංචා කරලා නැකතක් බලලා දිනුමක් පතලා
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ බැල්ම ලබා
පියවර මැනලා කප් එක ඉඹලා
බෙරපද ගහලා ගන්න අපි ලතැවෙනවා...
පිත්ත කරට...
තිරියා මාලි කුසල් ඇන්ජි කුලේ අජන්තලා
තරු පිටියට ගේනා ලියලා රන් අකුරින්
ක්රිකට් පොතේ පිටුව පුරා මුල් තැන
අපි ශ්රී ලංකා...
පුටු රත් කරලා දැන් බැහැ දැන් ඉඳලා
ටීවී වට කරගෙන පොරි හපන්න එන්න සුදා
පියවර මැනලා කප් එක ඉඹලා
බෙරපද ගහලා ගන්න අපි ලතැවෙනවා...
පිත්ත කරට...