Skip to content

Seethala Sihina

Keshan Malinga, Ruwanthi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීතල සිහිනෙක පෙම් සිත නතර උනා ආදර උණුසුම තනියට ලඟ නැතුවා මීවිත තරමට රස නැති බව හැඟුනා මා සිත තනිවම ඉකිබිඳිමින් හැඬුවා (සියුමැලි නුඹේ හද කඳුලැලි පිස දමලා ඉන්නෙමි සතොසින නුඹ තුරුලටම වෙලා)..// (සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා)..// ආදර සිතුවිලි හද තුල මෝදු වෙලා පවසනු කෙලෙසින මා මුව සරහසුරා දෙව්ලිය විලසින අහස් කුසට නැගිලා සැඟවී ඉමි මම ලතැවුන සිත සඟවා (සඳවත එනු මැන මේ මුළු සසර පුරා රැය වී ඉමි මම නුඹ එළියෙන් දිලෙනා)..// (සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා)..////