Skip to content

Gum Naade Raanin Raane

Bathiya n Santhush, Umaria Sinhawansa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගුම් නාදේ රෑනින් රෑනේ මීමැස්සන් රෑනක් සේ ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ සිත් යායේ සිත් මල් පීදී මල් මී දෝ වැහෙන්නේ හීනෙන් දුටු පාරාදීසේ සිත්තම්දෝ දිස්වන්නේ ගංගා දිගේ සීතේ දිය වැල් සුරයි පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි පෑවාට සිත්සේ දස්කම් දඟකාරකං මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම් මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රීතියෙන් මුළු ලොව පෑ ආදරෙන් සත්තයි .... ලැබෙයි ජීවිතේ // හද්දා කැලේ කවුරුන් රහසින් එබෙයි හැංගී බලා ඔය කවුදැයි ලංවී කියන් කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම් මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම් මේ මනරම් යාමයේ හිත පිරුනා ජීවයෙන් මුළු ලොව පෑ ආදරෙන් සත්තයි .... ලැබෙයි ජීවිතේ // ගුම් නාදේ රෑනින් රෑනේ ....