Adaraya Ayai
Bathiya n Santhush
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හරි පරිස්සමෙන් රැකගත් රන් පියුමයි
පුත නුඹ සුරතින් කැඳවා ගෙන යන්නේ
ඇය දැවටී මා ළඟ තෙපුල් කියූ හැටී
අදටත් නෑ අමතක වන්නේ
ආදරය ඇයයි
දූ මගේ පණයි
අද ඔබගේ සෙවණේ පුතුනේ
ජීවිතය ගලයි
කාලය ඉගිලෙයි
ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි
ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි
මට මතකයි ඈ ඉපදුණු දා
මා දෙස හෙළුවා සුරතල් සිනා
පුත ඒ හසරැල් පිරි මුව අද ඔබගෙයි
රැකගන් ඈ මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගෙ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දඟකාරී
ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි
ආදරය ඇයයි......
මට මතකයි එදා මිමිනූවා
මං ඇගෙ ලෝකේ රජවූ හැටි පවසා
පුත ඒ කිරුළේ හිමිකම අද ඔබ ගෙයි
රැකගන් ඈ මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගෙ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දඟකාරී
මා තුරුලේ නැළවුණු හැටි මතකයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි
ආදරය ඇයයි......