Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Rawwath Dasin
Yohani
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
රැව්වත් දෑසින් එක හෙලින්
දැනුණා නුඹේ ආදර වදන්
මට සිහිවේ
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ
ඔබ වන්දේ
තේරෙන් නෑ මේක පටන් ගන්න තැන
මට මගේම හීනෙක තනිවෙන්නට
වරම් නෑ මේක ඇදන් යන්න, කමක් නෑ
මට විදිහක් නෑ මේක කියන්න
මේකයි මං ආස විදිහ නුඹේ ගුණ වයන්න
මගේ ආදරේ තරම කියන්න, කියන්න
ඔබේ සවන් යොමන්න
ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න
එනකන් මග බලන් හිටියා අපි වරු ගණන්, දින ගණන්
ඔබ නැති මේසේ, කෑවත් නෑ බඩ පිරුණේ නෑ
ඔබ දකිනකන්, ගෙට වඩිනකන්
පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා
ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා වින්දා
මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්දා
කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා
උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා
අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
වඳින්නේ දෑත් මුදුන් කොට, නුඹයි මගේ විරුවා
රැව්වත් දෑසින් එක හෙලින්
දැනුණා නුඹේ ආදර වදන්
මට සිහිවේ
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ
ඔබ වන්දේ
තිබුන් නෑ හරි ළමා කාලයක්
තිබුනෙම ගැහෙනා නිහඬ භාවයක්
රටින් රටට පිය මනින තාලයක්
එකට කෑවෙ නෑ සෑහෙන කාලයක්
පන්තියේ යාළුවෝ රවපු කාලයක්
එන්නෙපා පාසල් කියපු රාවයක්
ගොදුරක් වෙයි අපි උඹ නිසා
රැව් දෙයි ඒ වදන් කන් පුරවලා
වෙඩි නොවදින වවුනියාව
මතකද නංගිගේ හුරතල් හිනාව
මට තාම මතකයි ඔබ ගාව සුවඳයි
හැම රෑම හඬවයි
අම්මේ තාත්තා කෝ
ඝණ කැලයක තනිවෙලා
නුඹ වදිනවා යුධ, දිවි පසෙකලා
ඒ බව මගේ හිත දැනං හිටි නිසා
හැම දින නුඹ හට ආදරේ කළා
කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා
උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා
අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
වඳින්නේ දෑත් මුදුන් කොට, නුඹයි මගේ විරුවා
රැව්වත් දෑසින් එක හෙලින්
දැනුණා නුඹේ ආදර වදන්
මට සිහිවේ
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ
ඔබ වන්දේ