Sulagata Kalin
JayaSri
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුළගට කලින් පාවී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුණු සුවඳක් මා සෙව්වා
සිතුවිලි මනරම් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්
මල් කෙමි අතරේ සඟවා රහසේ
මගේ සිත ගැයුවේ නොලියූ ගීයක්
සමනළ සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉඟිලී යන්නට ආයෙත්
අප පියවී ලොවේ නැතිවද පහසේ
නටුවේ බර වී රතු රෝස මලක්
සුළගට කලින් පාවී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුනු සුවඳක් මා සෙව්වා