Nawa Sanda Nam
Rashmi Sangeetha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ලොව දසතින් නැගෙන පීඩා කඳුළු මතින්
දුක් දොමිනස් නැති බැරි ජීවනය මැදින්
එළැඹේ වසන්තය බක් මහා අසිරි සිරින්
සුදු පරෙවියෝ පැමිණෙයි හෙළ දෙරණ උඩින්......
නව සඳ නම් නව භග සඳමයි
නව භග සඳ නම් බක් මහා සඳමයි
බක් මඟුලට මුල සඳ වැඳුමයි
නව අවුරුදු සිරියේ රස විඳුමයි......//
අවුරුද්දට නව සඳ නරඹා
පැණි රහකින් තොල කට පොඟවා
ඉරෙන් හඳෙන් බැස අවුරුදු කුමරිය
අගහස් කිරිබත පිසුමට එනවා.....
නව සඳ නම්......
අළුත් ඇඳුම් ඇඳ හැඩ වඩවා
නැවුම් වළං ලිප ගිනි මොළවා
පළමු කොටස කුල දෙවියන් පුදටයි
කැනැත් අනුව වැඩ අල්ලනු පිණිසයි.......
හිරු විමනින් නව අවුරුදු එනවා
සඳ විමනින් නව අවුරුදු එනවා......//