Mathrawe
Avicz
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සොයා සොයාන මල් පාරේ
නිමාව යාවි සංතාපේ
විරාග රාග මාත්රාවේ
වෙලී ගිලෙන්න ආශාවේ
සිතා සිතා මම නුඹව සිතා
නිදි යහන පුරා රෑ නුඹව මවා
සදා මෙමා ඒ සිහින මවා
සිත සලිත කරා
ඈ ආලයෙන්
ලස්සනයි මුව දේවගනකි හැඩරුව
සිපගත්තේ නිතර මේ හැගිමකින් ඇරඹුම
පැටලුනත් ආයෙත් ලෙසි වෙන්නැ ගැලවුම
නොමැකෙන සිතුවමක් වගේ මෙකේ ඇලවුම
අහබුවක් වුනත් මේ ආදරේට ලැදී
රාමුවක් වුනත් නැ කාමරේට මැදී
වාරුවක් වෙන්න ඇය ලග දනින් වැටී
හිත පාරුවක් වෙලා ගියා අයින් කරන් ගැටී
ඉවසීමක් නැති හිත කලබලයි පොඩ්ඩට
හැරෙද්දි කියන්නම් මන් ඇහිපිලින්නම් රොඩ්ඩට
ජිවිතේ අපි තෙරුම් ගත්තු දේවල් පොඩ්ඩට
පෙරිලා ඉතුරු වෙයි රොඩු ටික ගොට්ටට
මිරිගුවක් මේක තේරුමක් නැති
ගැලවෙන්න හේතු කරනා නැති
හැගිම් වලින් කාටත් වෙන්නේපා ගැති
ඇහැරුනා මොලේ හදවතේ දොරොටු වැහී
ආවේ අද මගේ ලොකේ දෙව්ලියක් වන්නද?
පාරේ ගෙවුන ජිවිතේ මල් වලින් සරසන්නද?
වාරේ ගෙන මගේ තැන අයිතිකරගත්ත
පාකරන්න හිතන් ආදරෙන් ගිල ගන්නද?
හදවත රැදීලා රූපේ මත
දේවගනක් විලසයි ඇගේ ගත
කොපමන වාර පැටලුනත් අත
ඇති වීමක් නෑ තවමත් හැගීමක් මත
සොයා සොයාන මල් පාරේ
නිමාව යාවි සංතාපේ
විරාග රාග මාත්රාවේ
වෙලී ගිලෙන්න ආශාවේ
සිතා සිතා මම නුඹව සිතා
නිදි යහන පුරා රෑ නුඹව මවා
සදා මෙමා ඒ සිහින මවා
සිත සලිත කරා
ඈ ආලයෙන්